SKIP TO MAIN CONTENT

ICC කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව එකම ජය වාර්තා කරයි

ICC Women's T20 World Cup
Source: Getty Images

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ICC කාන්තා 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (02/03) මෙල්බර්න් හි දී පැවති තරඟයෙන් කඩුළු 9 ක පහසු ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය.

ශ්‍රී ලංකා පිල පළමු වටයේ තරග හතරේදී ලැබූ එකම ජයග්‍රහණය මෙය වේ.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයේ කණ්ඩායම් පහ අතරින් සිවුවැනි ස්ථානයට පත්විය

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුළු 8 ක් දැවී ලකුණු 91 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකාරියෝ ලකුණු 92 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 15.3 කදී කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

හසිනි පෙරේරා සහ චමරි අතපත්තු පන්දු 53 කින් ලකුණු 51 ක ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වීම තරඟ ජයග්‍රහණයට පිටිවහලක් විය.

නායිකා චමරි අතපත්තු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 22 කදී හතරේ පහර සහ හයේ පහර දෙක බැගින් ඇතුළත් කරමින් ලකුණු 30 ක් රැස්කළාය.

සිය අවසන් අන්තර්ජාතික ක්‍රිකට් තරගයට සහභාගි වූ ශෂිකලා සිරිවර්ධන අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 16 කට කඩුලු හතරක් දවාගැනීමට සමත්වූවාය.

ඇය තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ද සම්මාන ද ලැබුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now