ලාංකිකයින්ට සිනහවක් ගෙන දෙමින් දසුන් ප්‍රමුඛ කණ්ඩායම 2022 ආසියානු ක්‍රිකට් කිරුළ දිනයි

Pakistan v Sri Lanka - Final DP World Asia Cup

DUBAI, UNITED ARAB EMIRATES - SEPTEMBER 11: Players of Sri Lanka celebrates with the trophy after winning the DP World Asia Cup Final match between Pakistan and Sri Lanka at Dubai International Stadium on September 11, 2022 in Dubai, United Arab Emirates. Credit: Francois Nel/Getty Images

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ 2022 ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට ඊයේ රාත්‍රියේදී සමත් වුහ.

පාකිස්තානය පරදවමින් ලකුණු 23 ක ජයක් සනිටුහන් කිරීමත් සමග ශ්‍රී ලංකාව දිනාගත් 6 වන ආසියානු කුසලානය ලෙසට මෙය ඉතිහාසගත වේ.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය මුලින් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර, එහිදී නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6කට ලකුණු 170ක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් භානුක රාජපක්ෂ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අතර පන්දු 45 කදී නොදැවී ලකුණු 71 ක් රැස් කිරීමට ඔහු සමත් විය.

වනිඳු හසරංග ලකුණු 36 ක්ද සහ ධනංජය ද සිල්වා ලකුණු 28 ක් ලබා ශ්‍රී ලංකා පිළේ ලකුණු තත්ත්වය ඉහළ දමීමෙට සම්හය වූහ.

ජයග්‍රාහී ලකුණු 171 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 147 ක පමණි.

සිය දෙවැනි 20-20 තරගයේ පළමු පන්දු වාරයේදීම පාකිස්තාන පිතිකරුවන් දෙදෙනකු පිට පිට පන්දු දෙකකදී දවාගත් වේග පන්දු යවන ප්‍රමෝද් මධුෂාන් තරගයේ ජය මුලින්ම ශ්‍රී ලංකාව දෙසට හැරවීය.

තරගය අවසානයේදී ඔහු ලකුණු 34 කට කඩුලු 4 ක් දවා ගත්තේය.

අවසන් මහා තරගයේ වීරයා සම්මානය භානුක රාජපක්ෂට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය වනිඳු හසරංගට හිමි විය.


2 min read

Published

Source: SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now