SKIP TO MAIN CONTENT

ලංකාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය

Sri Lanka Cabinet endorsed the bill titled ‘20th Amendment to the Constitution
Source: Facebook/ Gotabaya Rajapaksa

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ (02/09) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙම කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කිරීමටද ඊයේ අනුමැතිය හිමිව ඇති අතර එය තව සති දෙකකින් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

මේ අතර 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අනවශ්‍ය බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් එය සම්මත කර ගැනීමේ හැකියාව ඇති බවත් නීතිපති දප්පුලද ලිවේරා මහතා සඳහන් කොට තිබේ.

එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය, ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තු ධුර කාලය වසර 5 කට සීමා කිරීම, ජනාධිපතිවරයාට තරඟ කළ හැකි වාර ගණන දෙවරකට සීමා වීම හැරුණු කොට 19 වන සංශෝධනයේ සෙසු සියලු කරුණු ඉවත් කිරීමට පනත් කෙටුම්පතින් තීරණය වී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now