SKIP TO MAIN CONTENT

මැතිව්ස් ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාව කොදෙව්වන් පරදා 3-0 ක් ලෙස එක් දින තරගාවලිය ජය ගනී

Sri Lanka completed a 3-0 clean-sweep of their ODI series over Windies
Source: Facebook

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත වූ එක් දින ජාත්‍යන්තර තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී දෙරට අතර ඊයේ පැවති තුන්වන සහ අවසන් එක් දින තරගය ලකුණු 6 ක තියනු ලෙස ශ්‍රී ලංකාව ජයගැනීමත් සමගය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 307 ක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 55 ක්ද ධනංජය ද සිල්වා ලකුණු 51 ක්ද අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 44 බැගින්ද රැස් කළහ.

පිළිතුරු ඉනිම ඇරඹු කොදෙව්වෝ ඉතා වේගවත් සහ ස්ථාවර ආරම්භයක් ලබාගත්හ.

කොදෙව් පිළේ පළමු කඩුල්ල ලකුණු 111 දී බිඳ වැටුණු අතර දෙවැනි කඩුල්ල ලකුණු 171 දී බිඳ වැටුණි.

 

කෙසේහෝ කොදෙව් පිළේ අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි Fabian Allen ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වන්නට වීමත් සමග ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් දුරස් වන්නට විය.

නමුත් ශ්‍රී ලංකා පිළේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ඔහුව දවා ගැනීමට හැකිවිය.

Fabian Allen පන්දු 15 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර දෙකක් සමග ලකුණු 37 ක් රැස් කළේය.

අවසාන පන්දු වාරයේදී ජයග්‍රහණය සඳහා කොදෙව් පිළට ලකුණු 13 ක් ලබාගැනීමට අවශ්‍යවූ නමුත් ඇන්ජලෝ මැතිව්ස් ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කොදෙව්වන් කඩුලු 9 ක් දැවී ලකුණු 301 කට සීමා කිරීමට හැකි විය.

වසර 2015 න් පසුව ඇන්ජලෝ මැතිව්ස් එක් දින තරගයකදී සම්පූර්ණ පන්දුවාර 10 ම යැවූ පළමු අවස්ථාව මෙය වන අතර එහිදී කදුළු 4 ක් බිඳ හෙලීමට ඔහු සමත් විය.

මේ හේතුවෙන්ම තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමි විය.

Sri Lanka completed a 3-0 clean-sweep of their ODI series over Windies
Source: AFP

තරගවලියේ වීරයා සම්මානය වනිදු හසරංග හිමි කරගත්තේය.

දෙරට අතර තරග දෙකකින් සමන්විත 20-20 තරගාවලිය එළඹෙන මාර්තු 4 වන දින ආරම්භ වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now