SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය අදයි

Sri Lanka Cricket Awards 2019
Source: Facebook

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ගෙවී ගිය වසරේදී දෙස් විදෙස් ක්‍රිකට් පිටිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය අද (03/12)පැවැත්වීමට නියමිතව ඇත.

එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 සිට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම ක්‍රිකට් සම්මාන ප්‍රදානයේදී ජාත්‍යන්තර සහ දේශීය තරග පිටිය නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 33 දෙනෙකු හට සම්මාන ලබාදීම සිදුකෙරේ.

එසේම ජාත්‍යන්තර තරග අංශය යටතේ කාන්ත සහ පිරිමි වශයෙන් සම්මාන 17 ක් ද පිරිනැමෙනු ඇත. මෙම සම්මාන ප්‍රදානයේදීද පෙර වසරවල පරිදිම වසරේ දක්ෂතම ජාත්‍යන්තර සහ දේශීය විනිසුරුවරයාට මෙන්ම වසරේ තරග තීරකවරයාටද සම්මාන පිරිනැමීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now