SKIP TO MAIN CONTENT

චන්දික හතුරුසිංහ මහතා සේවයෙන් ඉවත්කිරීමේ යෝජනාව හෙට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම්

Sri Lanka Cricket Head Coach Saga
Source: Facebook

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සේවයෙන් ඉවත්කිරීමේ යෝජනාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකරණ කමිටුවට හෙට (13/11) ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි .

තම සේවය අත්හිටුවීම පිළිබඳව චන්දික හතුරුසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරා ඇති බවක් මේ දක්වා කිසිදු පාර්ශවයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දීමක් සිදුකොට නොමැති බවද සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හතුරුසිංහ මහතාගේ සේවය පසුගිය අගෝස්තු මසදී තාවකාලිකව අත්හිටවූ අතර එතැන් සිට මේ දක්වා මසකට රුපියල් ලක්ෂ 80 ක් බැගින් වන වැටුපක් මාස තුනක කාලයක් තිස්සේ ඔහුට ගෙවා ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වාර්තා සඳහන් කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now