SKIP TO MAIN CONTENT

තරග සංචාර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තේරීමට අලුත් ක්‍රමයක්.

Sri Lanka Cricket launched new selection protocol for tours.
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ලබන සතියෙන් ඇරඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ බංග්ලාදේශ සංචාරයත් සමග සංචාරයක් සඳහා ක්‍රිකට්  ක්‍රීඩකයින් තේරීමේ නව ක්‍රමවේදයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හඳුන්වා දී තිබේ.

ඒ අනුව ජාතික ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන කුමන හෝ තරග සංචාරයක් සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු නම් කිරීමේ බලය තේරීම් කමිටුවට හිමිවෙන අතර ඉන් අනතුරුව සංචාරය තුළදී තරඟවලට ක්‍රීඩා කිරීමේ කණ්ඩායම තේරීමේ බලය ක්‍රිකට් කළමනාකරු , ප්‍රධාන පුහුණුකරු සහ නායකයාට පැවරේ.

ඊයේ (07/01) කොළඹදී පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමේදී මේ බව ප්‍රකාශ කෙරිණි.

ඊට අමතරව කුමන හෝ ක්‍රිකට් තරඟාවලියක් තුලදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කළමනාකරු ක්‍රියා කරන බව ද  එම මහා සභා රැස්වීමේදී තීරණය කර තිබේ.

Sri Lanka Cricket සහ ESPNcricinfo ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now