SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත් වෙයි.

Sri Lanka Cricket India tour
Source: Sri Lanka Cricket

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ඉන්දියාව සමඟ  පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියට සහභාගීවිම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (08/11) ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබේ.

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟ ටෙස්ට් තරඟ 03කට එක්දින තරඟ 03කට සහ 20-20 තරඟ 03කට සහභාගීවිමට නියමිතය.

 

දෙරට අතර පළමු ටෙස්ට් තරඟය එළඹෙන 16 වනදා කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රිඩාංගණයේදී  ආරම්භ වේ.

 

ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා (11/11) දිනයේදී ඉන්දිය ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමඟ දෙදින  පුහුණු ක්‍රිකට් තරඟයකට සහභාගීවිමට නියමිත බවද සඳහන්.

ශ්‍රී ලංකා සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, ලහිරු තිරිමාන්න (උප නායක), නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ලහිරු ගමගේ, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක සහ රොෂේන් ද සිල්වා.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now