ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවෙන් තිලංග යනවිට ජයන්ත එයි

Sri Lanka Cricket

Source: Facebook

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ පුරප්පාඩු වී ඇති ආසන්තම සභාපතිවරයාගේ පුරප්පාඩුවට එහි හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකරණ කමිටුවේ අනුමැතිය ඊයේ (13/11) හිමි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පෙරේදා රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව මෙම තීරණයට එළඹ තිබේ.

ධර්මදාස මහතා විධායක කමිටුවට පත්කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ කළ නිර්දේශය පෙරේදා කළමනාකරන කමිටුවට ඉදිරිපත් කළ අතර එය අද විශේෂ විධායක කමිටු රැස්වීමක් කැඳවා අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.



ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියට අනුව තිලංග සුමතිපාල මහතාට ක්‍රීඩා පරිපාලනය තහනම් කිරීමත් සමඟ මාස දෙකකට ආසන්න කාලයක් ආසන්තම සභාපතිවරයාගේ විධායක කමිටු ධූරය හිස්ව තිබුණි. 


Share

Published

Updated

By Madhura Seneviratne, Dinesha Dilrukshi Wijesuriya

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවෙන් තිලංග යනවිට ජයන්ත එයි | SBS Sinhala