SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවෙන් තිලංග යනවිට ජයන්ත එයි

Sri Lanka Cricket
Source: Facebook

1 min read

Published

Updated

By Madhura Seneviratne, Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ පුරප්පාඩු වී ඇති ආසන්තම සභාපතිවරයාගේ පුරප්පාඩුවට එහි හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකරණ කමිටුවේ අනුමැතිය ඊයේ (13/11) හිමි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පෙරේදා රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව මෙම තීරණයට එළඹ තිබේ.

ධර්මදාස මහතා විධායක කමිටුවට පත්කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ කළ නිර්දේශය පෙරේදා කළමනාකරන කමිටුවට ඉදිරිපත් කළ අතර එය අද විශේෂ විධායක කමිටු රැස්වීමක් කැඳවා අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියට අනුව තිලංග සුමතිපාල මහතාට ක්‍රීඩා පරිපාලනය තහනම් කිරීමත් සමඟ මාස දෙකකට ආසන්න කාලයක් ආසන්තම සභාපතිවරයාගේ විධායක කමිටු ධූරය හිස්ව තිබුණි. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now