SKIP TO MAIN CONTENT

දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක පහසු ජයක්.

Sri Lanka crushed Zimbabwe by 7 wickets.
Source: AFP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (02/07) ගාල්ල ක්‍රීඩාංගනයේදී පැවති දෙවැනි එක් දින තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පන්දුවාර 33 යි පන්දු 4 කදී ලකුණු 155 කට සිම්බාබ්වේ කණ්ඩායමේ සියලු දෙනා දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් කඩුලු 4ක්ද වනිදු හසරංග කඩුලු 3 ක්ද ලබා ගත්තේය.

මෙහිදී වනිදු හසරංග දවා ගත් කඩුලු 3, කඩුලු ත්‍රිත්වයක් වූ අතර එක් දින ජාත්‍යන්තර පිටියේ තම මංගල තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් ලොව තෙවැනි පන්දු යවන්නා ලෙසට ද ඔහු ඉතිහාසගත වේ.

ජයග්‍රාහී ලකුණු 156 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුලු 2 ක අඩු ලකුණු සංඛ්‍යාවකට ගිලිහී ගිය නමුත් නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග සහ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 158 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව පහසුවෙන් ජයග්‍රහණය කරා ගෙන ගියේය.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 35, උපුල් තරංග නොදැවී ලකණු 75 සහ නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 28.

තරගයේ වීරයා සම්මානය ලක්ෂාන් සඳකැන් හට හිමි විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now