SKIP TO MAIN CONTENT

"ශ්‍රී ලංකාව දැන් බරවා තුරන් කළ රටක්" : ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි. (වාර්තා / SBS සිංහල )

Sri Lanka has been declared as a Filaria frees country by The World Health Organisation
Sri Lanka has been declared as a Filaria frees country by The World Health Organisation Source: Filaria

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

අග්නිදිග ආසියාතික කලාපයේ බරවා රෝගය තුරන් කළ දෙවැනි රට ශ්‍රී ලංකාව බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ (21 දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ බවට සහතික කරන නිල සහතික පත්‍රය ලෝක සෞඛ සංවිධානයේ අග්නිදිග ආසියාතික කලාපීය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය පුනම් තෙත්‍රහල් සිං මහත්මිය විසින් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙත ඊයේ කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති විශේෂ උත්සවයකදී භාරදෙනු ලැබීය.

මෙහිදී බරවා රෝගය මෙරටින් තුරන් කිරීමට දායක වූ බරවා රෝග මර්දන ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්‍ෂකවරුන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු නිලධාරීන්ට උපහාර තිළිණ ප්‍රදානය කිරීමක් ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලාංකීය කාර්යාලය විසින් ඊයේ සිදුකොට තිබේ.

දැනට බෝ නොවන රෝග මර්දනය කිරීම අතින් මෙන්ම ප්‍රතිශක්‌තිකරණය ඇතුළු සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ අංශයන් ගණනාවක විශාල ප්‍රගතියක්‌ ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති බවද මෙම අවස්‌ථාවට එක්‌වෙමින් අදහස්‌ දැක්‌වූ ලෝක සෞඛ සංවිධානයේ අග්නිදිග ආසියාතික කලාපීය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය පුනම් තෙත්‍රහල් සිං මහත්මිය ප්‍රකාශ කොට තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now