SKIP TO MAIN CONTENT

ලංකාවේ ඇඳිරි නීතිය නැවත වෙනස් කරයි

Sri Lanka government updated the schedule for curfew
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක වලට මේ වන විට පනවා ඇති ඇදිරිනිතිය නැවත දැනුම් දෙන තුරු බල පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවෙිදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මේ අතර පුත්තලම දිස්ත්‍රිකයට සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහකට පනවා ඇති ඇඳිරි නීතිය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට උදෑසන 6 ට ඉවත් කරන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලබයි.

ශ්‍රී ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික් වලට පනවා ඇති ඇදිරිනිතිය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (26/03) උදැසන 6 ට ඉවත් කෙරෙන අතර නැවතත් දහවල් 12.00 ට පනවනු ලැබේ.

මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝනය කළ පුද්ගලයින් 2,797 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මීට අමතරව වාහන 729 ක්ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now