SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - නවසිලන්ත පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාව අසීරු අඩියක

Sri Lanka Vs New Zealand 1st Test match
Sri Lanka Vs New Zealand 1st Test match

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වොලිංටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන ඊයේ (17 Dec.) දිනය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 20 කට කඩුලු 3 ක් බිඳවැටී ඉතා අසීරු තත්වයකට පත්ව සිටියේය.

ලකුණු සංඛ්‍යාව 5 ක් වන විට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ ධනුෂ්ක ගුණතිලක ලකුණු 3 ක් ලබා පිටියෙන් ඉවත්ව ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා ලකුණු නොලබාම දැවී ගියේය. අනතුරුව පිවිසි දිමුත් කරුණාරත්න ලකුණු 10 කට දවාගැනීමට නවසිලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. ඊයේ දිනය අවසාන වන විට කුසල් මෙන්ඩිස් ලකුණු 5 ක්ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 2 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 7 ක් අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 276 ක් පසුපසින් සිටියි

 ශ්‍රී ලංකාව තම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 282 ක් වුනු අතර එයට පිළිතුරු ලෙසින් නවසිලන්ත කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 578 ක් රැස්කරගත්හ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now