SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ජාවාරම මැඬලීමට ලංකා රජය ඔස්ට්‍රේලියාවත් සමග අත්වැල් බඳියි.

Assylum Seeking
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට සිදුවන සංක්‍රමණික ජාවාරම මැඬලීමට මෙන්ම දේශසීමා ආරක්ෂණය සඳහා නීති සැකසීම සිදු කෙරෙමින් පවතින අතර ඒ සඳහා  විශේෂ යාන්ත්‍රණයක් සකස් කරමින් පවතින බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ (14/11) කොළඹදී පැවති සංක්‍රමණික ඡාවාරම මැඬලීම පිළිබඳ වැඩමුළුව අමතමින් පැවසීය.

ඔස්ට්‍රේලියාවේ උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනය මේ වන විට ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ජාවාරම පිළිබඳ පර්යේෂණ සිදුකර ඇති අතර ඒ යටතේ කරුණු රැසක් අනාවරණය වී තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව එම ජාවාරම්කරුවන් සහ ඔවුන් වටා ක්‍රියාත්මක වන තවත් දූෂිත ක්‍රියා රැසක්ද අනාවරණය වී තිබෙන බවත්  විදෙස් ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සැකසීම, අදාළ අංශවල නිලධාරීන්ට අල්ලස් ලබාදීම වැනි ක්‍රියා ප්‍රධාන තැනක් ගන්නා බවත් හෙතෙම පැවසීය.

ඔස්ට්‍රේලියාව සමඟ මෑතකදී මේ පිලිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් කරනු ලැබූ බවත් එමගින් සංක්‍රමණික ජාවාරම් කරුවන්ට හසුවූවන් නැවත මෙරටට ගෙන්වාගැනීමට කටයුතු කරන අතර ජාවාරම්කරුවන්ගේ යාන්ත්‍රනය බිඳදැමීමට අවශ්‍ය තොරතුරු දෙරට අතර හුවමාරු කරගැනීමටද හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now