SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළට.

Sri Lanka move above Pakistan in Test rankings
Source: Sri Lanka Cricket

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

පාකිස්ථාන කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමත් සමග අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම්හි හය වන ස්ථානය වෙත පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්හි හත් වන ස්ථානයේ රැඳි සිටි අතර පාකිස්ථාන කණ්ඩායම හය වන ස්ථානයේ පසු විය.

ඉන්දීය කණ්ඩායම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි මේ වන විට පළමු ස්ථානයේ රැදි සිටියි.

දෙවන ස්ථානය දකුණු අප්‍රිකාවත්, තෙවන ස්ථානය එංගලන්තයත් හිමිකරගෙන තිබේ.

මේ අතර අන්තර් ජාතික ක්‍රිකට් නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 17 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමත්ව සිටියි.

ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 31 වැනි ස්ථානයේ පසුවූ දිමුත්, එම තරගාවලිය අවසන් වන විට ස්ථාන 14 ක් ඉදිරියට පැමිණෙමින් එහි 17 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්  ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ 33 වැනි ස්ථානයේ සිට 21 වැනි ස්ථානය තෙක් පැමිණ ඇති අතර ශ්‍රී ලංකා පිළේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල 62 වැනි ස්ථානයේ  සිට 39 වැනි ස්ථානය දක්වා ඉහලට පැමිණ තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now