SKIP TO MAIN CONTENT

එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි

Ranjith Soysa - MP Sri Lanka
Ranjith Soysa - MP Sri Lanka

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයාසා අභාවප්‍රාප්ත වෙයි. සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු කාලයේදී ඒ මහතා අභාවප්‍රාප්ත ව තිබේ.

 රංජිත් සොයිසා මහතා1962 මැයි මස තුන්වනදා ගොඩකවෙල අල්පිටිය ගම්මානයේ උපත ලැබූවෙකි.

90 දශකයේ මුල්භාගයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ඔහු 1997 දී ගොඩකවෙල අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත් විය. පසුව වසර 2004  සිට 2008 දක්වා වන කාලය තුලදී දී සබරගමු පලාත් සභාවට තේරීපත්වන රංජිත් සොයිසා මහතා එහි අමාත්‍යධුර කිහිපයකම වගකීම් හොබවනු ලැබුවේය.

ඔහු පළමුවරට පාර්ලිමේන්තුවට තේරීපත්වන්නේ, 2010 වසරේදීයි. වසර 2015 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ රක්වාන ආසනය නියෝජනය කරමින් යළිත් පාර්ලිමේන්තුවට තේරීපත් වූයේය . ක්‍රියාකාරී දේශපාලනයේ දක්ෂ කතිකයෙක් වුනු අභාවප්‍රාප්ත රංජිත්  සොයිසා මහතාගේ දේහය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී කාලයේදී ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

රංජිත් සොයිසා මහතාගේ අභාවයත් සමඟ පුරප්පාඩුවන මන්ත්‍රී ධුරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මනාප ලැයිස්තුවේ පෙරමුනේ පසුවන්නේ වරුණ ලියනගේ මහතායි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now