SKIP TO MAIN CONTENT

සිංහයින්ගේ ලෝක කුසලාන සුදුසකම් සිහිනය සැබෑ කරන තීරණාත්මක තරගාවලිය අදින් ඇරඹෙයි.

Sri Lanka  Cricket
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක් දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (20/08) රාත්‍රී 7 ට දඹුල්ල ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.

ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස පරාජය වීමෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන මෙම එක් දින ජාත්‍යන්තර තරගාවලිය තරග 5 කින් සමන්විත වේ.

උපුල් තරංග ශ්‍රී ලංකා පිළේ නායකත්වය දරනු ලබන අතර ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, තිසර පෙරේරා, වනිඳු හසරංග, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර සහ විෂ්ව ප්‍රනාන්දු සංචිතයට ඇතුළත් අනෙකුත් ක්‍රීඩකයින් වෙයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක් දින ජාත්‍යන්තර තරග 150 ක් පවත්වා ඇති අතර ඉන් තරග 55ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර තරග 83 ක් ඉන්දියාව ජයගෙන තිබේ.

තරග 11ක් විසඳුමක් නොලබා අවසන් වී ඇති අතර එක් තරගයක් ලකුණු සමව අවසන් වී ඇත.

ශ්‍රී ලංකාව එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනා අතරට නිතරගයෙන් සුදුසුකම් ලැබීමට නම් මෙම තරග 5 න් තරග 2ක් අවම වශයෙන් හෝ ජයගත යුතුව තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now