SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව ලොව වඩාත් ආගමික රටවල් අතර පෙරමුණටම : නවතම සමීක්ෂණයකින් හෙළිවේ.

Sri Lanka, one of world’s most religious countries
Source: The Telegraph

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ලොව වඩාත් ආගමික රටවල් අතර පෙරමුණේ සිටින රටවල් අතරට ශ්‍රී ලංකාවද පත්ව තිබෙන බව එක්සත් රාජධානියේ The Telegraph පුවත්පත සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත.

එම සමීක්ෂණයේදී ජනතවගෙන් තමන්ට ආගම පිළිබඳ හැගීමක් තිබෙනවාද නැද්ද යන්න ප්‍රශ්න කෙරුණු අතර ඒ සඳහා 99%ක් ශ්‍රී ලාංකිකයින් ගේ පිළිතුර වුයේ “ඔව්” යන්න බව එම පුවත්පත පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව සමග ලොව වඩාත්ම ආගමික රටවල් අතරට ඉතියෝපියාව, මලාවි, නයිජර් සහ යේමනය යන රටවල් ද එක්ව සිටී.

බුරුන්ඩි, Djibouti, Mauritania සහ සෝමාලියාව යන රටවල් දෙවන තැන තිබෙන අතර එම රටවල් වල මිනිසුන් 98% ක් පමණ ඉහත ප්‍රශ්නයට “ඔව්” ලෙස පිළිතුරු ලබා දී ඇත.

ආගමික විශ්වාසය අඩුම රට ලෙස “චීනය” බව මෙම සමීක්ෂණයෙන් පෙන්වා දී තිබේ.

ආගමික විශ්වාසය පිළිබඳ ඔවුන්ගේ ප්‍රතිශතය 7% ක් වන අතර ජපානය, එස්ටෝනියාව, ස්වීඩනය, නෝර්වේ සහ චෙක් ජනරජය චීනයට පසුපසින් ලොව අඩුම ආගමික විශ්වාසයක් ඇති රටවල් ලෙස සටහන්ව ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now