SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - පාකිස්තානු ප්‍රථම ටෙස්ට් තරගය අද අබුඩාබි හිදී ඇරඹේ.

SL vs Pak
Source: Sri Lanka Cricket

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (28/09) පස්වරු 4 ට අබුඩාබි හි පිහිටි Sheikh Zayed ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් පිතිකරුවන් ලෙස රොෂේන් සිල්වා සහ සදීර සමරවික්‍රම යන ක්‍රීඩකයින් ටෙස්ට් වරම් ලබා ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් වී තිබේ.

ඉන්දීය කණ්ඩායම සමග පසුගිය දා පැවති ටෙස්ට් තරගාවලියම පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය නැවත හොඳ මට්ටමින් සකස් කරගෙන ශක්තිමත්ව පාකිස්තානු තරගාවලියට මුහුණ දෙන බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර මේ වන විට ටෙස්ට් තරග 51 ක් පවත්වා ඇති අතර ඉන් තරග 14 ක් ශ්‍රී ලංකාව විසින්ද තරග 19 ක් පාකිස්ථානය විසින්ද ජය ගෙන තිබේ.

තරග 18 ක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now