ශ්‍රී ලංකා - පාකිස්තානු ප්‍රථම ටෙස්ට් තරගය අද අබුඩාබි හිදී ඇරඹේ.

SL vs Pak

Source: Sri Lanka Cricket

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (28/09) පස්වරු 4 ට අබුඩාබි හි පිහිටි Sheikh Zayed ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් පිතිකරුවන් ලෙස රොෂේන් සිල්වා සහ සදීර සමරවික්‍රම යන ක්‍රීඩකයින් ටෙස්ට් වරම් ලබා ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් වී තිබේ.

ඉන්දීය කණ්ඩායම සමග පසුගිය දා පැවති ටෙස්ට් තරගාවලියම පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය නැවත හොඳ මට්ටමින් සකස් කරගෙන ශක්තිමත්ව පාකිස්තානු තරගාවලියට මුහුණ දෙන බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර මේ වන විට ටෙස්ට් තරග 51 ක් පවත්වා ඇති අතර ඉන් තරග 14 ක් ශ්‍රී ලංකාව විසින්ද තරග 19 ක් පාකිස්ථානය විසින්ද ජය ගෙන තිබේ.

තරග 18 ක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.


Share

Published

By Madhura Seneviratne
Source: espncricinfo

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ශ්‍රී ලංකා - පාකිස්තානු ප්‍රථම ටෙස්ට් තරගය අද අබුඩාබි හිදී ඇරඹේ. | SBS Sinhala