SKIP TO MAIN CONTENT

නවසීලන්ත - ඔස්ට්‍රේලියා පළමු එක් දින තරගයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තාවක්.

Sri Lanka put a new record in the 1st ODI between Australia & New Zealand,
Source: ICC

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්තය අතර මේ දිනවල නවසීලන්තයේදී පැවැත්වෙන එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30/01) පැවති ප්‍රථම තරගය එම රටවල් දෙකට අමතරව ශ්‍රී ලංකාවටද වැදගත් වූ බව වාර්තා වේ.

එනම් එම තරගයේදී පිටිය මැද විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රුචිර පල්ලියගුරුගේ ද, තෙවන විනිසුරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් ධර්මසේන ද තරග තීරක ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රන්ජන් මඩුගල්ලේ ද කටයුතු කර තිබේ.

ක්‍රිකට් වාර්තා වලට අනුව මෙලෙස ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු එකවර එක් දින ජාත්‍යන්තර තරගයක කටයුතු කළ පළමු අවස්ථාව මෙය බවද සඳහන්.

එම තරගයෙන් නවසීලන්ත කණ්ඩායම, ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6 කින් පරාජය කර ජයග්‍රහණය හිමි කරගත්තේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now