SKIP TO MAIN CONTENT

ලංකාවේ ලෝක කුසලාන සිහිනය යළි සැබෑ වෙයි.

Sri Lanka Cricket
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

වසර 2019 දී එංගලන්තයේ පැවැත්වීමට නියමිත ක්‍රිකට්‌ ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටයකට මුහුණ දීමකින් තොරවම අවස්තාව ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්‌ඩායමට ඊයේ අවස්ථාව උදා විය.

කොදෙව් කණ්‌ඩායම එංගලන්තය සමග පැවැති පළමු එක්‌දින තරගය කඩුලු හතකින් පරාජය වීමත් සමග ශ්‍රී ලංකාවට මෙම අවස්‌ථාව හිමිව තිබේ.

පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන් හමුවේ මීළඟ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟයකට මුහුණ දීමේ වාතාවරණයක් උද්ගතව පැවතුනු නමුත් එය කොදෙව්වන් සහ එංගලන්ත කණ්ඩායම අතර පවතින තරගාවලියේ කොදෙව්වන්ගේ ජය මත තීරණය වීමට තිබුනි.

ශ්‍රී ලංකාව මේ වන විට එක්‌දින ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 86 ක්‌ ලබා අට වැනි ස්ථානයේ පසුවන අතර කොදෙව්වන් ප්‍රසාද ලකුණු 78 ක්‌ ලබා නව වැනි ස්‌ථානයේ පසුවේ.

එංගලන්තය සමග පැවැත්වෙන ඉතිරි තරග හතරම කොදෙව්වන් ජය ගතහොත් ඔවුන්ටද ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 86 ක්‌ බවට පත්කර ගත හැකි නමුත් දළ ලකුණු වේගය මත ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බැවින් කොදෙව් කණ්ඩායමට මීළඟ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ වටය සඳහා තරඟ කළ යුතු බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now