2023 වසරේ සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට (SBS සිංහල/ වාර්තා)

ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු පළමු රට බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත්වල සුන්දරත්වය හේතුවෙන් බව Travel Triangle නම් සංචාරක වෙබ් අඩවිය පවසයි.

Two women hikers wearing backpacks on vacation at Sigiriya (Lion Rock) in central Sri Lanka, South Asia

Two female college students stand together talking and reading a colorful printed travel brochure on the top of Sigiriya (built 477-495AD), the ancient historical rock fortress and archaeological site located in Sri Lanka. Credit: Billy Hustace/Getty Images

2023 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබේ.

TravelTriangle නමැති ප්‍රසිද්ධ සංචාරක වෙබ් අඩවිය මගින් සිදුකළ ශ්‍රේණිගත කිරීමක් අනුව මෙම ප්‍රතිඵල නිකුත් කර ඇත.

TravelTriangle යනු සංචාරකයින් සහ විශ්වාසවන්ත සහ ප්‍රවීණ සංචාරක නියෝජිතයින් යන පාර්ශව දෙකම පොදු වේදිකාවකට ගෙන එන ඉන්දියාවේ පදනම් වූ ප්‍රමුඛතම online holiday marketplace එකය. 

රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු තැනට

ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු පළමු රට බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත්වල සුන්දරත්වය හේතුවෙන් බව Travel Triangle නම් සංචාරක වෙබ් අඩවිය පවසයි.

රන්වන් වෙරළ, වන සතුන්ගෙන් පොහොසත් වන භූමි, මනස්කාන්ත තේ වතු සහ මීදුමෙන් වැසී ගිය කඳු ශ්‍රී ලංකාව සංචාරය කිරීමට හොඳම ආසියාතික රටවලින් එකක් බවට පත් කරන බව ඔවුන් පෙන්වා දී තිබේ.

————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
සංචාරකයින් මෙම දූපතේ සුන්දරත්වය හා භෞතික විවිධත්වය පිළිබඳ මවිත වන බවද මෙම වෙබ් අඩවිය පවසයි.

ශ්‍රී ලංකාවේ සිව්වන උසම කඳු මුදුන වන ශ්‍රී පාද කඳු මුදුනේ සිට දැකිය හැකි දර්ශනය සිත් ඇදගන්නා සුළු බවත් ඔබගේ යෝග්‍යතා මට්ටම අනුව පැය 5-6ක් ඇතුළත ඔබට මෙම ලෝක උරුම අඩවියට නැගිය හැකි බවත් එම සටහනේ දක්වා ඇත.
මීට අමතරව ශ්‍රී ලංකාවට සංචාරය කළ විට ඔබට ලෝකයේ විශාලතම ක්ෂීරපායී එනම් නිල් තල්මසා සමඟ සාගරයේ පිහිනීමටද හැකි බව Travel Triangle සංචාරක වෙබ් අඩවිය පවසා ඇත.

ඔබට ඔබේ ජීවිතයට යළි ජීවයක් ලබාදීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ සෙවන සහිත ස්ථානයක ගිමන් හරිමින් විටමින් ඩී සහිත හිරු කිරණ ලබා ගැනීමටද හැකියාව ඇති බව ඔවුන් වැඩි දුරටත් සටහන් කර තිබේ.

2023 දී සංචාරය කිරීමට හොඳම රටවල් 24

Travel Triangle සංචාරක වෙබ් අඩවිය විසින් 2023 වසරේදී සංචාරය කිරීමට ලොව හොඳම රටවල් 24 දක්වා තිබුණේ පහත අයුරිනි.
  1. ශ්‍රී ලංකාව
  2. ජර්මනිය
  3. සිම්බාබ්වේ
  4. පැනමාව
  5. කිර්ගිස්තානය
  6. ජෝර්දානය
  7. ඉන්දුනීසියාව
  8. බෙලරුස්
  9. Sao Tome සහ Principe
  10. Belize
  11. ඊජිප්තුව
  12. ඉන්දියාව
  13. ඕමානය
  14. නවසීලන්තය
  15. ක්‍රොඒෂියාව
  16. භූතානය
  17. මෙක්සිකෝව
  18. ස්පාඤ්ඤය
  19. ඉතියෝපියාව
  20. පේරු
  21. නෙදර්ලන්තය
  22. බාබඩෝස්
  23. ඊශ්‍රායලය
  24. කොස්ටාරිකාව



Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service