ඔස්ට්‍රේලියාවේ වෙසෙන තාවකාලික පදිංචිකරුවන්ගේ ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාව 10 වැනි තැනට (SBS සිංහල/ වාර්තා)

2021 වසරේදී පැවැත්වූ ඔස්ට්‍රේලියාවේ අවසන් සංගණනයේ තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවේ උපත ලද පුද්ගලයින් 27,800 ක් තාවකාලික පදිංචිකරුවන් ලෙස ඔස්ට්‍රේලියාවේ වාසය කරමින් සිටිති.

Australia v Sri Lanka - Men's T20 Game 3

MELBOURNE, AUSTRALIA - NOVEMBER 01: Fans show their support during game three of the Men's International Twenty20 match between Australia and Sri Lanka at Melbourne Cricket Ground on November 01, 2019 in Melbourne, Australia.- Credit: Quinn Rooney/Getty Images

ඔස්ට්‍රේලියාවේ වෙසෙන Temporary residents හෙවත් තාවකාලික පදිංචිකරුවන්ගේ ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානයට පත්ව තිබේ.

පසුගිය සංගණනයේදී ලද දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ වෙසෙන තාවකාලික වීසා ලාභීන් උපන් රට පිළිබඳ තොරතුරු ආශ්‍රයෙන් මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන තාවකාලික පදිංචිකරුවන්ගේ ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාව 10 වැනි තැනට

2021 වසරේදී පැවැත්වූ ඔස්ට්‍රේලියාවේ අවසන් සංගණනයේ තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවේ උපත ලද පුද්ගලයින් 27,800 ක් තාවකාලික පදිංචිකරුවන් ලෙස ඔස්ට්‍රේලියාවේ වාසය කරමින් සිටිති.

ඒ අනුව මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානයට පත්ව තිබේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙහි පළමු තැනට පත්ව ඇත්තේ නවසීලන්තය වන අතර නවසීලන්තයේ උපත ලැබූ 471,300 ක් තාවකාලික පදිංචිකරුවන් ලෙස ඔස්ට්‍රේලියාවේ වාසය කරමින් සිටිති.

ඉන්දීය ජාතිකයින් 193,200 ක්ද චීන ජාතිකයින් 112,500 ක්ද තාවකාලික පදිංචිකරුවන් ලෙස ඔස්ට්‍රේලියාවේ වාසය කරමින් සිටින නිසා එම රටවල් පිළිවෙලින් දෙවැනි හා තුන්වන ස්ථානයට පත්ව ඇත.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන තාවකාලික වීසා ලාභීන්

ඔස්ට්‍රේලියාවේ අවසන් සංගණනය පැවැත්වූ 2021 අගෝස්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා බලපත්‍රලාභීන් 1,639,000 ක් සිටි අතර, තාවකාලික පදිංචිකරුවන් 1,614,000 ක් සහ විදේශීය සංචාරකයින් 25,000 කින් එම අගය සමන්විත විය.

තාවකාලික පදිංචිකරුවන්ගෙන් 79% ක් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව ජීවත් වන බවත් එයින් අඩක් පමණ ජීවත් වන්නේ සිඩ්නි හා මෙල්බර්න් නගර ආශ්‍රිතව බවත් සඳහන්.

Temporary skilled residents හෙවත් තාවකාලික නිපුණතා සහිත පදිංචිකරුවන්ගෙන් වැඩිම කොටසක් සිටින ප්‍රධාන නගර වූයේ Greater Sydney (38%) බවත් ඉන් අනතුරුව Greater Melbourne (22%) බවත් තෙවනුව Greater Perth (10%) බවත් අදාළ දත්ත පෙන්වා දෙයි.

තාවකාලික පදිංචිකරුවන්ගෙන් 39% කට අවම වශයෙන් උපාධියක් හෝ ඊට වැඩි අධ්‍යාපන සුදුසුකමක් ඇති බවත් වාර්තා වේ.

බොහෝ තාවකාලික පදිංචිකරුවන් (92% හෝ මිලියන 1.5) ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණත්වයක් ඇති අය ලෙස වාර්තා වී ඇත.

එනම් ඔවුන් ඉංග්‍රීසියෙන් පමණක් කතා කිරීම හෝ ඉංග්‍රීසි ඉතා හොඳින් කතා කිරීම යන මට්ටමේ සිටින පුද්ගලයින් වේ.

තාවකාලික පදිංචිකරුවන්ගෙන් අඩකට වඩා (59% හෝ 945,600) නිවසේ ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් භාවිතා කරන බවද මෙම දත්ත පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන තාවකාලික වීසා පදිංචිකරුවන්ගේ වඩාත්ම පොදු රැකියා කර්මාන්තය වූයේ Food and Beverage Services හෙවත් ආහාර පාන සේවා කර්මාන්තය වූ අතර එහි නියැලී සිටි පිරිස 12% කි.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now