SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 36 දක්වා ඉහලට

Sri Lanka records 36th Covid-19 death
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ 36වන කොරෝනා මරණය ඊයේ (09/11) වාර්තා විය.

එලෙස මියගොස් ඇත්තේ 84 හැවිරිදි කඳාන ප්‍රදේශයේ කාන්තාවකි.

එම කාන්තාව පුද්ගලික රෝහලක සිට IDH රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී ඇය මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් 356 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ඊයේ වන විට හඳුනාගෙන තිබෙන මුළු ආසාදිතයින් ගණන 14,285ක් වන අතර ඉන් 8,880 ක් සුවය ලබා ඇත.

ආසාදිතයින් 5,375ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now