SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක්

Covid-19 deaths
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (05/11) තහවුරු කළේය.

ඒ අනුව, අද වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 29ක් වේ.

කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක්, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 74ක පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් 383 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මිනුවන්ගොඩ/පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 9,092 දක්වා ඉහළ ගොස් තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now