ශ්‍රී ලංකාවට කොදෙව් කණඩායමට එරෙහිව එක් ලකුනක තියුණු ජයක්

මෙම තරගයේ ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 11ක් සමගින් ඉදිරියෙන් සිටිමින් තරගාවලියේ අවසන් මහා තරගයේ තම ස්ථානය සහතික කරගන්නට සමත් විය.

SL Vs WI ODI Nov 16th

Sri lanka batsman Asela Gunaratne and Sachiti Pathirana make a run during the ODI against West Indies at Harare Sports Club in Harare, Nov, 16, 2016. Source: AAP Image/ AP Photo/Tsvangirayi Mukwazhi

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ දේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් එක දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (23දා )ශ්‍රී ලංකාව සහ කොදෙව් දේශය අතර පැවති  තරගයෙන් එක ලකුනක තියුණු ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණඩායම සමත් විය. මෙම තරගයේ ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 11ක් සමගින් ඉදිරියෙන් සිටිමින් තරගාවලියේ අවසන් මහා තරගයේ තම ස්ථානය සහතික කරගන්නට සමත් විය.

මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමේ වාරය  ශ්‍රී ලංකාවට ලබා දුන් අතර, එහිදී නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු  7ක් දැවී ලකුණු 330ක් වාර්තා කරන්නට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහර දීමේදී නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් තම මංගල එක දින ශතකය අභියසදී දැවී ගිය අතර, ඔවුන් දෙදෙනාම ලකුණු 94 බැගින් වාර්තා කරන්නට සමත් විය. මෙම තරගයේදී තම එක දින තරග දිවියේ තෙවැනි අර්ධ ශතකය වාර්තා කරන්නට ධනංජය ද සිල්වා සමත් වූ අතර ඔහු ලකුණු 58කින් ශ්‍රී ලංකා ඉනිමට දායකත්වය ලබාදුන්නේය.

මෙම තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 331ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුල කදුළු 9ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 329ක් පමණි. එහිදී අවසන් පන්දුවාර තුනේදී කඩුලු  තුනක් දවා  ගනිමින් කොදෙව් පිතිකරුවන්ට පීඩනයක් එල්ල කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. තම සිව්වැනි එක දින තරගයට සහභාගී වූ කොදෙව් කණඩායමේ Evin Lewis මෙම තරගයේදී ලකුණු 148ක් වාර්තා කල අතර, එය ඔහුගේ මංගල එක් දින ශතකය ලෙසත් වාර්තා අතරට එක්  විය.

මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මුලික වටයේ අවසන් තරගය එළඹෙන 25 වන සෙනසුරාදා බුලවායෝ  හිදී කොදෙව් කණ්ඩායම සහ සිම්බාවේ දේශය අතර පැවැත්වීමට නියමිත අතර, එම තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුවහොත් කොදෙව් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇති අතර, සිම්බාබ්වේ කණඩායමට අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නම් එම තරගය ජයගැනීම අනිවාර්ය සාධකයක් වනු ඇති.  ඒ අනුව එම තරගයේ ප්‍රතිපලය මත ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගයේ මුහුණදීමට සිදුවන කණ්ඩායම තීරණය වනු ඇති. අබාධ හේතුවෙන් දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්  නොවන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේදී නායකත්වය ලබාදෙන්නේ උපුල් තරංග විසිනි.

මෙම තුන්කොන්  එක දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 27 වන ඉරිදා බුලවායෝ  හි Queens ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.


2 min read

Published

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now