SKIP TO MAIN CONTENT

ලන්ඩන් ඕවල් පිටිය දෙවනත් කරමින් සිංහයින් ඉන්දියාව පරදයි.

ICC Champions Trophy 2017
Source: espncricinfo

2 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ICC ශූරයින්ගේ කුසලාන ;තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී ඊයේ (08/06) පැවැති තරගය කඩුලු 7කින් විශිෂ්ඨව ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත ඕවර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 321 ක් ලබා ගත්තේය.

ෂෙකර් ධවාන් අගනා ලකුණු 125 ක් ලබා ගත් අතර රෝහිත් ශර්මා ලකුණු 78 ක්ද මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 63 ක්ද ඉන්දීය ඉනිම වෙනුවෙන් ලබා ගත්තෝය.

ජයග්‍රාහී ලකුණු 322 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල ලකුණු 7 කට දැවී ගිය පසු ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් මට්ටමකට ගෙන ආවෝය.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 76 ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 89 ක්ද ලබා ගැනීමට සමත් විය.

කුසල් ජනිත් පෙරේරා හට වේගවත් ලකුණු 47 ක් ලබාගෙන සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වීමට සිදුවූ අතර ඉන් පසුව පිටියේ එක්වූ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ අසේල ගුණරත්න පිලිවෙලින් නොදැවී ලකුණු 52 ක් සහ 34 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ ඉම කර ගෙන ගියෝය.

ඒ අනුව පන්දුවාර 48.4 ක් අවසානයේ ශ්‍රී ලංකාව ජය හිමි කරගත්තේ කඩුලු 3 ක් පමණක් දැවී තිබියදීය.

තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් හට හිමි විය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය ජුනි 12 වන දින පාකිස්තානය සමග පැවැත්වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now