SKIP TO MAIN CONTENT

ඉන්දියාව සමග ටෙස්ට් තරගාවලියට මුහුණ දෙන ශ්‍රී ලංකා සංචිතය මෙන්න.

Sri Lanka Test squad
Source: Sri Lanka Cricket

2 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ඉන්දියාව සමගින් එළඹෙන නොවැම්බර් 16 වන දින ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර ඇත.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම ටෙස්ට් සංචිතයෙන් කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කෞෂාල් සිල්වා සහ නුවන් ප්‍රදීප් යන සිව් දෙනා ඉවත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කම්ටුව පියවර ගෙන තිබේ.

පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පාකිස්තාන තරගාවලියට එක් නොවූ ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ටෙස්ට් සංචිතය සදහා මෙවර එක්වී ඇත.

බටහිර ඉන්දීය දූපත් සමූහයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සහ දසුන් ශානක ටෙස්ට් සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ.

වසරක පමණ කාලයකට පසුව ගිවිසුම් ගත සියලුම ක්‍රීඩකයින් ආබාධිත තත්වයෙන් තොරව ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් සමත්වී ඇති බව  ඊයේ (05/11)  පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

අසේල ගුණරත්න ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් සමත්වූවත් කාලයකින් ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර නොමැති බැවින් තරගයක් ක්‍රීඩා කිරීමට හැකියාව තිබේ දැයි පරීක්‍ෂා කිරීම සදහා තේරීම් කමිටුවේ ඉල්ලීම පරිදි ඉදිරි දින 10 තුළදී ඔහුව තරග කීහිපයකට යොමු කිරීමට බලාපොරොත්තු වන බවද සුමතිපාල මහතා පැවසීය.

එහිදි අසේල ගුණරත්න සාර්ථක වුවහොත් තේරීම් කමිටුවේ ඉල්ලීම පරිදි ඔහුව 16 වන ක්‍රීඩකයා ලෙස ඉන්දීය සංචාරයට එක්කර ගැනීමට බලාපොරොත්තුවන බව ද සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now