SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ සරණාගතබව පතන අය අතර ලාංකිකයින් පළමු තැනට, වික්ටෝරියා සහ NSW ප්‍රාන්ත වල පමණක් දහස් ගණනක්

ඕස්ට්‍රේලියාවේ ප්‍රජා තුල සරණාගතභාවය අපේක්ෂා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වන නවතම දත්ත ප්‍රකාශයට පත් කිරීමට Refugee Council Australia මගින් කටයුතු කොට තිබේ. මේ සඳහා පසුගිය මාර්තු මස 31 වැනිදා දක්වා වාර්තා වූ දත්ත ඇතුලත් වේ.

Refugees
Source: Facebook / UNHCR Facebook

3 min read

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS


Skip to article content

ඕස්ට්‍රේලියාවේ Refugee Council Australia මගින් ඕස්ට්‍රේලියාවේ ප්‍රජාව තුළ සරණාගතභාවය අපේක්ෂා කරන පුද්ගලයින් පිළිබඳ සංඛ්‍යාලේඛන නිකුත් කොට තිබේ. මෙම සංවිධානය සරණාගතයින් සඳහා සහාය දක්වන මෙන්ම පෙනී සිටින සංවිධාන සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානයක් වේ. ඔවුන් සඳහන් කොට සිටින්නේ ඕස්ට්‍රේලියාවේ සරණාගත බව පතන පුද්ගලයින්ගෙන් ඇතැම් පිරිසක් ගුවන් මගින් පැමිණෙන අතර ඇතැම් පිරිසක් බෝට්ටු මගින් පැමිණ ඇති බවයි.

Refugee Council Australia මගින් ප්‍රජාව තුළ සරණාගතභාවය අපේක්ෂා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නිකුත් කල නවතම දත්ත වලට අනුව ඕස්ට්‍රේලියාවේ සරණාගත බව පතන පිරිස අතර ශ්‍රී ලාංකිකයින් පළමු ස්ථානයේ පසුවේ.

වික්ටෝරියා ප්‍රාන්තය

වික්ටෝරියා ප්‍රාන්තය ඕස්ට්‍රේලියාවේ ජිවත් වන ජනගහනයෙන් දෙවන විශාලතම ජනගහනයක් වාර්තා වන ප්‍රාන්තය වේ.

Refugee Council Australia පෙන්වා දෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තය තුල Bridging visa E (BVE) යන කාණ්ඩය මත ජීවත්වන සැලකිය යුතු පිරිසක් සිටින බවයි.

Bridging visa E (BVE) යන වීසා බලපත්‍රය ඔස්සේ පුද්ගලයින් හට ආගමන කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ලැබෙන තුරු ඕස්ට්‍රේලියාවේ නීත්‍යානුකූලව රැඳී සිටීමට ඉඩ සලසයි.

වික්ටෝරියා ප්‍රාන්තය තුල Bridging visa මත සිටින බොහෝ පිරිසක් මෙල්බර්න් හෝ ඒ ආසන්නයේ ජීවත් වේ.

එමෙන්ම මෙලෙස වික්ටෝරියා ප්‍රාන්තය තුල Bridging visa E (BVE) යන වීසා බලපත්‍රය මත සිටින පිරිසෙන්, ශ්‍රී ලාංකිකයින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර එම සංක්‍යාව 1,416ක් වන බව Refugee Council Australia නවතම දත්ත පෙන්වා දෙයි.

වික්ටෝරියා ප්‍රාන්තය තුල Bridging visa මත සිටින සෙසු ජාතීන් ගත් කල, පිලිවෙලින් ඉරානය දෙවන ස්ථානයේත් පාකිස්ථානය තුන්වන ස්ථානයේත් පසුවේ.

2023-07-21_13-11-18.jpg
Credit: Refugee Council of Australia

වික්ටෝරියා ප්‍රාන්තයේ Bridging visa E (BVE) මත සිටින පුද්ගලයින් වයස් මට්ටමින් ගත් කල, මෙම වසරේ මාර්තු මස 31 වැනිදා වන විට වයස අවුරුදු 26ත් 35ත් අතර වයසේ සහ 36ත් 45ත් අතර වයසේ පසුවන පුද්ගලයින් වැඩි පිරිසක් සරණාගත බව පතන බව සඳහන් වේ.

3.jpg
Credit: Refugee Council of Australia

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තය තුල සමස්තයක් ලෙස පිරිමි පුද්ගලයින් 3,742දෙනෙකු සහ කාන්තාවන් 955 දෙනෙකු මෙම Bridging visa E (BVE) මත සිටී.

4.jpg
Credit: Refugee Council of Australia

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය, ඕස්ට්‍රේලියාවේ විශාලතම පිරිසක් Bridging visa E (BVE) මත සිටින ප්‍රාන්තය වශයෙන් වාර්තා වේ.

Refugee Council Australia පෙන්වා දෙන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල Bridging visa මත සිටින බොහෝ පිරිසක් සිඩ්නි හෝ ඒ ආසන්නයේ ජීවත් වන බවයි.

වික්ටෝරියා ප්‍රාන්තය මෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුලත් Bridging visa E (BVE) යන වීසා බලපත්‍රය මත සිටින පිරිසෙන් ශ්‍රී ලාංකිකයින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර එම සංක්‍යාව 1,263ක් වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store 

හෝ Google Play 

වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල Bridging visa මත සිටින සෙසු ජාතීන් ගත් කල, පිලිවෙලින් ඉරානය දෙවන ස්ථානයේත් බංග්ලාදේශය තුන්වන ස්ථානයේත් පසුවේ.

NSW 2.jpg
Credit: Refugee Council of Australia

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Bridging visa E (BVE) මත සිටින පුද්ගලයින් වයස් මට්ටමින් ගත් කල, මෙම වසරේ මාර්තු මස 31 වැනිදා වන විට වයස අවුරුදු 26ත් 35ත් අතර වයසේ සහ 36ත් 45ත් අතර වයසේ පසුවන පුද්ගලයින් වැඩි පිරිසක් සරණාගත බව පතන බව Refugee Council Australia දත්ත පෙන්වා දෙයි.

NSW 3.jpg
Credit: Refugee Council of Australia

එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල සමස්තයක් ලෙස පිරිමි පුද්ගලයින් 3,433දෙනෙකු සහ කාන්තාවන් 499 දෙනෙකු මෙම Bridging visa E (BVE) මත සිටී.

NSW 4.jpg
Credit: Refugee Council of Australia

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත වශයෙන් ගත් කල එම සෑම ප්‍රාන්තයකම පාහේ සරණාගත බව පතන පිරිස් අතුරින් ශ්‍රී ලාංකිකයින් පළමු ස්ථානයේ පසුවේ.

ප්‍රජා තුල සරණාගත බව පතන Bridging visa E (BVE) මත සිටින ශ්‍රී ලාංකික පිරිස ප්‍රාන්ත වශයෙන් පහත දැක්වේ.

  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය - ශ්‍රී ලාංකිකයින් 310
  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය - ශ්‍රී ලාංකිකයින් 144
  • බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය - ශ්‍රී ලාංකිකයින් 152
  • ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය - ශ්‍රී ලාංකිකයින් 38

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now