දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ශ්‍රී ලංකා - පාකිස්තාන 2 වන ටෙස්ට් තරගය අද ඇරඹෙයි

Sri Lanka tour of Pakistan 2019

Source: Facebook

සංචාරක ශ්‍රී ලංකා පිල හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (19/12) පාකිස්තානයේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

රාවල්පින්ඩි නුවර පැවති පළමු ටෙස්ට් තරගය වර්ෂාව හා අයහපත් ආලෝක තත්ත්වයෙන් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. එහෙත් අද තරඟයට කරච්චි නුවර ආශ්‍රිතව යහපත් කාලගුණයක් පවතිනු ඇති බවට අනාවැකි පලව ඇත. අද ආරම්භවන තරඟය ජයගන්නා කණ්ඩායමට 1:0 ක් ලෙසට තරඟාවලිය ජයගනු ඇත.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර මෙතෙක් ටෙස්ට් තරග 54ක් පවත්වා ඇති අතර එයින් තරග 19ක් පාකිස්තානය ජයග්‍රහණයකර ඇති අතර තරග 16ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබේ. එසේම තරග 19ක් ජය පරාජයෙන් තොරව නිමාකර තිබේ.

මේ අතර පළමු ටෙස්ට් තරඟයේදී මස්පිඬු වල අභාදයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වුණු වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත වෙනුවට ලසිත් ඇඹුල්දෙනිය යොදා ගන්න බවට නායක දිමුත් කරුණාරත්න පවසා තිබේ.


Share

Published

By Dinesha Dilrukshi Wijesuriya

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service