Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු ටෙස්ට් තරගය: පළමු දිනය අවසානයේදී ශ්‍රී ලංකාව කඩුලු 5 කට ලකුණු 202 යි

Sri Lanka tour of Pakistan 2019
Source: Facebook

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ප්‍රථම ටෙස්ට් තරගය පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවරදී ඊයේ (11/12) ආරම්භ විය.

මන්දාලෝකය නිසා ඊයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිලට කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටියේය.

2009 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා පිලට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලිය මෙය වේ.

එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට ඉතා හොඳ ආරම්භයක් ලබා දුන් අතර පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 59 යකටය.

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 40 කට දැවී ගිය පසුව ශ්‍රී ලංකා පිළේ ඊළඟ කඩුලු දෙක වන කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 18 ක් අතරතුරේදී දැවී ගියෝය.

කුසල් මෙන්ඩිස් ලකුණු 10 ක්ද දිනේෂ් චන්දිමාල් ලකුණු 2ක් ද ලබාගත්තේය.

අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය සිල්වා ශ්‍රී ලංකාව නැවත ස්ථාවර මට්ටමකට ගෙන ඒමට කටයුතු කළෝය.

නමුත් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31 කට දැවී ගියේය.

ධනංජය සිල්වා නොදැවී ලකුණු 38 ක් ලබා සිටී.

අද (12/12) තරගයේ දෙවැනි දිනය වේ.

 


1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now