SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - පාකිස්තාන 2 වන ටෙස්ට් තරගය : ඕෂධ මංගල ටෙස්ට් ශතකය ලබා ගනිද්දී ශ්‍රී ලංකාව පරාජයෙන් ගැලවීමේ සටනක

Sri Lanka tour of Pakistan 2019
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හෙවත් අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය ඊයේ නිමා වන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7 කට ලකුණු 212 ක් ලබාගෙන සිටී.

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර සිය පළමු ඉනිම සඳහා ඔවුන් සියල්ලන්ම දැවී ලකුණු 191 ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 271 ක් ලබාගත් අතර පාකිස්තානය සිය දෙවැනි ඉනිම කඩුලු 3 කට ලකුණු 555 ක් ලබා තිබියදී අත්හිටුවා ශ්‍රී ලංකාවට සිය දෙවැනි ඉනිම සඳහා ආරාධනා කළේය.

එහිදී පාකිස්තානය වෙනුවෙන් Abid Ali ලකුණු 174ක්ද Shan Masood ලකුණු 135 ක්ද නායක Azhar Ali ලකුණු 118 ක්ද Babar Azam නොදැවී ලකුණු 100ක් ද ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 102ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ශතකය ලෙස වාර්තා විය.

කඩුලු 3 ක් පමණක් අතැතිව සිටින ශ්‍රී ලංකාව මෙම තරගය ජයගැනීමට නම් අද දිනයේදී ලකුණු 264 ක් ලබාගත යුතුය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now