SKIP TO MAIN CONTENT

දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකාව කඩුලු 7 කට ලකුණු 293 යි.

Sri Lanka  vs Zimbabwe
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ප්‍රථම හා එකම ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 293 ක් ලබාගෙන සිටියි.

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර සිය පළමු ඉනිම සඳහා ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 356 ක් රැස් කළේය.

සිම්බාබ්වේ පිළ වෙනුවෙන් ක්‍රෙග් අර්වින් අගනා ලකුණු 160 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පිළේ රංගන හේරත් කඩුලු 5ක්ද අසේල ගුණරත්න හා ලහිරු පෙරේරා කඩුලු 2 බැගින් ද දිල්රුවන් පෙරේරා එක් කඩුල්ලක්ද දවා ගත්තේය.

ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් උපුල් තරංග ලකුණු 71 ක්ද දිනේෂ් චන්දිමාල් ලකුණු 55 ක්ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 41ක්ද ලබා ගත්තේය.

අසේල ගුණරත්න ලකුණු 24ක් සහ රංගන හේරත් ලකුණු 5ක් ලබා ගනිමින් දෙවැනි දිනය අවසානය වන විට කඩුල්ලේ රැදී සිටියි.

ශ්‍රී ලංකාව මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ලකුණු 63 ක් පිටුපසින් සිටියි.

අද (16/07) තරගයේ තෙවැනි දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now