ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තද එක දින තරගාවලිය නිමාවට පත් වුනේ 4-1ක් ලෙස ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය අත් කර දෙමින්.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පස්වන සහ අවසන් එක දින තරගයේදී, ශ්‍රී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණඩායමට ලබා ගත හැකි වුයේ ලකුණු 195 ක් පමණි. ඒ අනුව පන්දුවාර 43කදී කඩුලු 5ක් දැවී ලකුණු 199ක් වාර්තා කරමින් තරගාවලියේ ජය 4-1ක් ලෙස හිමි කරගන්නට David Warner ගේ නායකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිවිය. මෙහිදී Warner ලකුණු 106කින් ඕස්ට්‍රේලියානු ඉනිමට දායකත්වය ලබාදුන් අතර ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන හිමි කරගන්නට සමත් විය. George Bailey තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමි කරගත්තේය. මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනස්‌කම් 4 ක් සිදුකර තිබු අතර සිව්වැනි තරගයට ක්‍රීඩා කළ මැතිව්ස්, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා සහ තිසර වෙනුවට උපුල් තරංග, දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක සහ සුරංග ලක්‌මාල් කණ්‌ඩායමට එක කොට තිබිණි.
ඕස්ට්‍රේලියාව තවමත් එක් දින වර්ගීකරණයේ පෙරමුණේ.
4-1ක් ලෙස ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ටෙස්ට් ජයග්‍රහණයත් සමගින්, තවමත් එක් දින ජාත්‍යන්තර වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයේ රැදී සිටින්නට ඕස්ට්‍රේලියාව සමත්ව ඇති අතර, වර්ගීකරණයේ ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 124ක්, දෙවැනි ස්ථානයේ සිටින නවසීලන්තයට ලකුණු 113ක් හිමිව තිබේ. ශ්‍රී ලංකාවට මීට පෙර වර්ගීකරණය තුල හිමිව තිබු 6 වැනි ස්ථානය නොවෙනස්ව පවතින අතර, තුන්වැනි ස්ථානය ඉන්දියාවටත්, සිව්වැනි ස්ථානය දකුණු අප්‍රිකාවටත්, පස්වැනි ස්ථානය එංගලන්තයටත් හිමිව තිබේ.
ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු 20-20 තරගය අද පල්ලේකැලේදී
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත 20-20 තරගාවලියේ පළමු තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිත අතර, දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් එක දින තරගාවලිය අතර තුර අබාධයකට ලක් වීම හේතුවෙන් 20-20 තරගාවලිය ඔහුට අහිමිවන බව සදහන්.
නවතම ICC 20-20 වර්ගීකරණයට අනුව ඕස්ට්‍රේලියාවට 6වැනි ස්ථානයත්, ශ්‍රී ලංකාවට 8 වැනි ස්ථානයත් හිමි අතර කණ්ඩායම් දෙකම ගෞරවාන්විත ආකාරයෙන් මෙම සංචාරය නිමාවට පත් කරගැනීම සදහා මෙම තරගාවලිය ජය ගැනීමට වැඩි අවධානයක් යොමු කරනු ඇති බව සදහන්.
ඩිල්ෂාන් සහභාගී වන අවසන් 20-20 ජාත්‍යන්තර තරගාවලිය
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක TM ඩිල්ෂාන් අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක වනු ඇති අතර, මෙය ඩිල්ෂාන් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී සහභාගී වන අවසන් ජාත්‍යන්තර තරගයයි. තවද මෙම 20-20 තරගාවලියෙන් අනතුරුව ඔහු 20-20 ජාත්‍යන්තර පිටියෙන්ද සමුගැනීමට නියමිතයි. තමන්ගේ මුල් නායකයා වුනේ ඩිල්ෂාන් බවත්, ඩිල්ෂාන් වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරනු ලබන අන්තිම තරග 2 දී නායකයා විදියට ඔහුව මෙහෙයවන්න ලැබීම ගැන මම සතුටු වෙන බවත් ඊයේ පවතී මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරග දෙකේදී නායකත්වය ලබාදෙන දිනේෂ් චන්දිමාල් සදහන් කළේය. අපි ඔහු වෙනුවෙන් මේ තරග දෙක ජයග්‍රහණය කරලා ඔහුට හොඳ නික්‌ම යැමක් ලබා දීමට තමන් ඇතුලු කණ්ඩායම බලාපොරොත්තු වන බවද චන්දිමාල් මෙහිදී සදහන් කළේය.
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව 20-20 ජාත්‍යන්තර තරග ඉතිහාසය තුල තරග 8කට සහභාගී වී ඇති අතර, තරග 6 ක ජය ශ්‍රී ලංකාවට අත් වී අතර, ඕස්ට්‍රේලියාව ජයගෙන ඇත්තේ තරග 2ක් පමණි.