SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව ලකුණු 75 ක් පිටුපසින්.

Sri Lanka vs Bangladesh, 2nd Test
Source: Cricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පී. සරා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය ඊයේ (17/03) නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කිසිවෙකු නොදැවී ලකුණු 54 ක් ලබා සිටියි.

තෙවැනි දිනය අවසානයේ උපුල් තරංග සහ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 25 බැගින් ලබා ගෙන කඩුල්ලේ රැදී සිටියි.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ඊයේ දිනයේදී සියලු දෙනා දැවී ලකුණු 467 ක් ලබා ගත්තේය.

එහිදී ශකීබ් අල් හසන් ලබා ගත් ලකුණු 116 කැපී පෙනුනි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රංගන හේරත් සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 4 බැගින් ලබා ගත් අතර සුරංග ලක්මාල් කඩුලු 2ක් බිඳ හෙළීය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බංග්ලාදේශ කණ්ඩායමට වඩා ලකුණු 75 ක් පිටුපසින් සිටියි. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now