SKIP TO MAIN CONTENT

ජයග්‍රහණයට බංග්ලාදේශය ලකුණු 390 ක් පිටු පසින්.

Sri Lanka vs Bangladesh 2017
Sri Lankan spinner Rangan Herath (2R) celebrates with teammates after he dismissed his unseen Bangladesh counterpart Mushfiqur Rahim Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ සිව් වන දිනය නිමා වන විට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැවී ලකුණු 67 ක් ලබා සිටියි.

ඒ අනුව තරගයෙන් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 10 ක් අතැතිව ලකුණු 390 ක් හෙට දිනයේදී ලබා ගත යුතුව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 494 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 312 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම කඩුලු 6 කට ලකුණු 274 ක් ලබා සිටියදී අත් හිටුවා බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා පිළේ දෙවැනි ඉනිම වෙනුවෙන් උපුල් තරංග ලකුණු 115 ක් ලබා ගත් අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 50 ක් ලබා ගත්තේය.

අද (11/03) තරගයේ අවසාන දිනයයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now