SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය : ඉන්දියාව කඩුලු 3 කට ලකුණු 344 .

Sri Lanka vs India 2nd Test Match
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (03/08) පස්වරු 2.30 ට SSC පිටියේදී ආරම්භ විය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ ඉන්දීය කණ්ඩායම පළමු දිනය නිමා වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 344 ක් ලබා ගත්තේය.

ඉන්දීය පිළට ඉතා හොඳ ආරම්භයක් ලබා දුන් ශීකර් ධවාන් ලකුණු 35 කට දැවී ගිය අතර ලෝකේශ් රාහුල් ලකුණු 57 ක් ලබා ගත්තේය.

නොදැවී ක්‍රීඩා කරන චේතශ්වර් පුජාරා ලකුණු 128 ක්ද අජින්කේ රහනේ ලකුණු 103 ක් ද ලබා සිටියි.

ටෙස්ට් තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ මේ වන විට 1-0 ක් ලෙස ජය ගනිමින් ඉන්දීය කණ්ඩායම පෙරමුණ ගෙන තිබේ.

හෙට (04/08) තරගයේ දෙවැනි දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now