SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය : ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 53 කින් පැරදෙයි.

Sri Lanka vs India 2nd Test Match: India won by an innings and 53 runs
Source: Hindustantimes

2 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ SSC පිටියේදී පැවැත්වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාව පරදා ඉනිමකින් සහ ලකුණු 53 කින් ජය ගැනීමට සමත් විය.

ඉන්දියාව සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් කඩුලු 9 කට ලකුණු 622 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

එහිදී ඉන්දීය ප්‍රථම ඉනිම වෙනුවෙන් චේතශ්වර් පුජාරා ලකුණු 133 ක් ලබාගත් අතර අජින්කේ රහනේ ලකුණු 132 ක් ලබා ගත්තේය.

මීට අමතරව ලෝකේශ් රාහුල් ලකුණු 57 ක් ද රවිචන්ද්‍ර අශ්වින් ලකුණු 54 ක්ද ලබා ගැනීමට සමත් විය.

රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 70 යි.

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 183 ක් ලබා ගත් අතර ඉන්දීය කණ්ඩායම නැවතත් ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

නමුත් දෙවැනි ඉනිම සඳහා ශ්‍රී ලංකාවට සියල්ලන්ම දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 386 ක් පමණි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න අගනා ලකුණු 141 ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 110 ක් රැස් කළේය.

ඉන්දියාව වෙනුවෙන් රවීන්ද්‍ර ජඩේජා ලකුණු 152 කට කඩුලු 5 ක් බිඳ හෙළීය.

තරගයේ වීරයා සම්මානයද ජඩේජා ට හිමි විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ඉන්දියාව මේ වන විටත් ජයග්‍රහණය කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now