SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය : ශ්‍රී ලංකාව නැවතත් අසීරු අඩියක.

Sri Lanka vs India 2nd Test Match : SL trail by 572 runs.
Source: Hindustantimes

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ SSC පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසාන වන විට ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා කඩුලු 9 කට ලකුණු 622 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

තරගයේ දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2කට ලකුණු 50 ක් ලබා සිටියි.

මෙහිදී ඉන්දීය ප්‍රථම ඉනිම වෙනුවෙන් චේතශ්වර් පුජාරා ලකුණු 133 ක් ලබාගත් අතර අජින්කේ රහනේ ලකුණු 132 ක් ලබා ගත්තේය.

මීට අමතරව ලෝකේශ් රාහුල් ලකුණු 57 ක් ද රවිචන්ද්‍ර අශ්වින් ලකුණු 54 ක්ද ලබා ගැනීමට සමත් විය.

රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 70 යි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිලේ සහභාගී වූ එකම වේග පන්දුයවන්නා වූ නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ප්‍රථම ඉනිම වෙනුවෙන් පන්දු යැවීමට නොහැකි විය.

මේ වන විට ශ්‍රී ලංකාව කඩුලු 8 ක් අතැතිව ඉන්දියාවට වඩා ලකුණු 572 ක් පිටුපසින් සිටියි.

හෙට (05/08) තරගයේ තුන්වන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now