SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය : ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ උත්සාහයක.

Sri Lanka vs India 2nd Test Match : Sri Lanka trail by 230 runs with 8 wickets remaining.
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ SSC පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමා වන විට  ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 කට ලකුණු 209 ක් ලබා සිටියි.

ඊයේ (05/08) දිනය මැද භාගයේදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 183 ක් ලබා ගත් අතර ඉන්දීය කණ්ඩායම නැවතත් ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 110 ක් රැස් කළ අතර දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 92 ක් ලබා සිටියි.

ඉන්දියාව සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 622 ක් ලබා ගත්තේය.

මේ අනුව ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමට ඉන්දියාවට වඩා කඩුලු 8 ක් අතැතිව තවත් ලකුණු 230 ක් පිටුපසින් සිටියි.

අද (06/08) තරගයේ සිව්වන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now