SKIP TO MAIN CONTENT

දහසක් අපේක්ෂාවන් සමග SSC පිටියේදී ලංකාව අද ඉන්දියාව මුණගැසෙයි.

SL vs India 2nd test
Source: AP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද පස්වරු 2.30 ට කොළඹ SSC පිටියේදී ආරම්භ වේ.

පළමු තරගයේදී ආබාධයට ලක්වූ අසේල ගුණරත්න මෙම තරගයට සහභාගී නොවන බව වාර්තා වන අතර නිව්මෝනියා රෝගයනේ පෙළුණු ශ්‍රී ලංකා නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරමාන්න නැවත කණ්ඩායමට එක්ව ඇති බව වාර්තා වේ.

 මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අද ආරම්භ වන තරගය සඳහා මුහුණ දීමට පැරණි සැලැස්මක් පිළිබඳ අලුතින් සිතමින් සිටින බව ද වාර්තා වේ.

තනි වේග පන්දු යවන්නකු සමගින් දඟ පන්දු යවන්නන් යොදවා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බල ඇණිය ශක්තිමත් කිරීම එම සැලසුම වේ.

එය ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ වත්මන් කළමණාකරු අසංක ගුරුසිංහ මහතාගේ අදහසක් බව ද සඳහන්.

SSC ක්‍රීඩාංගණය යනු අසංක ගුරුසිංහ ගේ  ක්‍රීඩා සමාජය වන අතර අන් කිසිවකුට වඩා ඔහුට SSC  තණතීරුව පිළිබද මනා වැටහීමක් ඇත.

කෙසේවෙතත්, ටෙස්ට් තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ මේ වන විට 1-0 ක් ලෙස ජය ගනිමින් ඉන්දීය කණ්ඩායම පෙරමුණ ගෙන තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now