SKIP TO MAIN CONTENT

වර්ෂාව නිසා ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිම වෙයි

Sri Lanka vs Pakistan 1st Test
Source: AP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර පැවති ප්‍රථම ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

ICC ටෙස්ට් ශූරතාවලියට යටතේ පැවති මෙම තරගය වසර 2009 න් පසුව පාකිස්තානයේදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගය වේ.

පළමු දිනයේ සිටම තරගයට අයහපත් ආලෝකය සහ වර්ෂාව බාධා විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා පිළ ලකුණු 308 කට කඩුලු 6 ක් දැවී තිබියදී සිය ඉනිම අත්හිටුවා පාකිස්තානයට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

එහිදී ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 102 ක් ලබාගනිමින් සිය ටෙස්ට් දිවියේ සයවන ශතකය ලබාගත්තේය.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 59 ක්ද ඕෂධ ප්‍රනාන්දු ලකුණු 40 ක්ද ලබාගත්තේය.

Sri Lanka vs Pakistan 1st Test
Dhananjaya de Silva rates Rawalpindi hundred his second best in Tests Source: AFP

තරගයේ පස්වන දිනය අවසාන වන විට පාකිස්තානය සිය ප්‍රථම ඉනිම සඳහා කඩුලු 2 කට ලකුණු 252 ක් ලබාගෙන සිටියේය.

එහිදී Abid Ali නොදැවී ලකුණු 109 ක්ද Babar Azam නොදැවී ලකුණු 102 ක්ද ලබාගත්තේය.

දෙරට අතර දෙවනි සහ අවසන් ටෙස්ට් තරගය එළඹෙන දෙසැම්බර් 19 වන දින කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතය.

මේ තරගය අවසන් වීමත් සමගම ශ්‍රී ලංකා පිළට ප්‍රසාද ලකුණු 20 ක් හිමි විය.

ඒ අනුව ICC ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 80 ක් ලබා ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයට පත්ව තිබේ.

මෙහි ප්‍රසාද ලකුණු 360 ක් ලබා ඉන්දියාව ප්‍රථම ස්ථානයේ පසුවන අතර ප්‍රසාද ලකුණු 216 ක් ලබා ඔස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයේ පසුවෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now