SKIP TO MAIN CONTENT

අනුර කුමාර දිසානායකගේ ජය තහවුරු වෙමින් ලංකාවට පළමුවරට මාක්ස්වාදී පසුබිමක් සහිත ජනපතිවරයෙක් ලැබෙන ලකුණු

Anura Kumara Dissanayake_ NPP residential candidate
Anura Kumara Dissanayake_ NPP residential candidate. Image _ supplied

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS


Skip to article content

ශ්‍රී ලාංකීය ජනතාව තම නව වෙනි විධායක ජනාධිපතිධුරය සඳහා මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවති රාජ්‍ය පාලන ක්‍රමයේ වෙනසක් සඳහා ඡන්දය ප්‍රකාශ කර පළමු වරට රටේ පළමු මාක්ස්වාදී පසුබිමක් සහිත ජනාධිපතිවරයා තෝරාගෙන ඇති බව මෙතෙක් වාර්තා වී ඇති ඡන්ද ප්‍රතිපල අනුව පෙනී යන බව වාර්තා වේ. ඒ අනුව ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකික ප්‍රජාතන්ත්‍රවාදී - සමාජවාදී ජනරජයේ 9 වෙනි විධායක ලෙස තේරී පත්ව ඇති බව, අද - සැප්තැම්බර් 22 වන ඉරිදා, මේ දක්වා නිකුත් කළ ඡන්ද ප්‍රතිඵල පෙන්නුම් කරයි.

මෙතෙක් ලැබී ඇති ප්‍රතිපල අනුව අනුර කුමාර දිසානායක මහතා වැඩි දෙමළ ඡන්ද පසුබිමක් ඇති උතුර හැර සෙසු දිස්ත්‍රික්ක සියල්ලේම පාහේ ඉදිරියෙන් සිටියේය.

ඒ අනුව අද - ඉරිදා උදෑසන වනවිට නිකුත් වූ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ (NPP) ජනාධිපති අපේක්ෂකයා 51% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බව වාර්තාවේ.

ජාතික ජනබලවේගය පක්ෂයෙන් සිදුකල විමසුමේදී එම පක්ෂය ප්‍රකාශ කලේ අද - ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස හෝ හෙට - සඳුදා (සැප් 23) දිනයේදී අනුර කුමාර දිසානායක මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බවයි. ඒ සඳහා සමස්ත ඡන්ද ප්‍රතිපලය ප්‍රකාශයට පත්වන තුරු සිටීමට සිදුවන බවද NPP වෙතින් සිදුකල විමසුමකදී එම පක්ෂය සඳහන් කළේය.

රනිල් පැරදුනු බව අලි සබ්රි පිළිගනීී

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ බව විදේශ අමාත්‍ය අලි සබ්රි අද - ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5 ට පමණ තම X ගිණුම (Twitter ) ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබේ.

සබ්රි පැවසුවේ දිගු හා දුෂ්කර ප්‍රචාරක ව්‍යාපාරයකින් පසු මැතිවරණයේ ප්‍රතිඵල දැන් පැහැදිලි බවයි.

Ali Sabri X message.png
Ali Sabri_ X message

සජිත් පැරදී ඇති බව හර්ෂ පිළිගනී

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය (SJB) දැනටමත් 2024 ජනාධිපතිවරණයේ පරාජයට පත්වී ඇති බවත් , තම මිත්‍ර අනුර කුමාර දිස්සනයක දිසානායකට සුබ පතන බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ධ ද සිල්වා මහතා තම X ගිණුම (Twitter ) ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබේ.

Harsha De Silva X message.png

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now