මීළඟ දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ (SAAG ) සත්කාරකත්වය ගැන හරින් ගෙන් ඉඟියක්

SAAG 2021

SAAG 2021 Source: SBS Sinhala

2021 වසරේදී පැවැත්වීමට නියමිත14 වැනි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල හෙවත් සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට ලැබී ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින ප්‍රනාන්දු මහතා විසින් හෙළිකරයි. ඊයේ තම ක්‍රීඩා අමාත්‍ය ධුරයට සමුදීමේ අවස්ථාවට එක්වෙමින් හරින ප්‍රනාන්දු මහතා මේ බව හෙළිකොට සිටියේය.

සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය ලැබුණ හොත් ශ්‍රී ලංකාව සහ මාලදිවයින එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නියෝජිතයන් යෝජනාකර තිබේ. ඒ අනුව පාපන්දු, බීච් වෙලිබෝල් සහ බීච් කබඩි වැනි තරග මාලදිවයිනේ පැවැත්වීමට යෝජනා වී තිබේ.

මීළඟ සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය නිලවශයෙන් පාකිස්තානයට හිමිවිය යුතු අතර පාකිස්තානයේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පැවතීම හේතුවෙන් එම තරඟාවලිය ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙසට ශ්‍රී ලංකාව විසින් ඉල්ලීමක් සිදුකොට තිබිණ. නේපාලයේදී පසුගිය 9 වැනිදා පැවැති දකුණු ආසියානු ක්‍රීඩා සංගමයේ විශේෂ රැස්වීමේදී එයට සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම මෙම ඉල්ලීම කර තිබේ.


1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now