SKIP TO MAIN CONTENT

අමිහිරි පරාජයක මතකයන් සමග ශ්‍රී ලංකාව අද නැවතත් ඉන්දියාව මුණ ගැසෙයි.

Sri Lanka v India
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා වේලාවෙන් අද (16/11) පස්වරු 3 ට කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදි ආරම්භ වේ.

දෙරට අතර ටෙස්ට් තරග 3 ක් පැවැත්වීමට නියමිතව ඇත.

පසුගිය දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානුවන් සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පූර්ණ වශයෙන් ජය ගැනීම නිසා ඉහළ මානසිකත්වයකින් යුතුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමග අද තරගයට මුහුණ දීමට සූදානම් බව  ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

නමුත් පසුගිය ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දිය පිල හමුවේ ටෙස්ට් තරග 3කුත්, එක්දින තරග 5කුත්, විස්සයි20 තරගයකුත් වශයෙන් තරග 9න්ම පරාජයට පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට තරමක චකිතයක් ගෙන දෙන්නට ඉඩ ඇති බව ජාත්‍යන්තර විචාරකයින් පවසයි.

දෙපිල අතර මෙතෙක් පැවැති ටෙස්ට් තරග 41න් ශ්‍රී ලංකා පි‍ල ඉන්දීය භූමියේදී මීට පෙර ක්‍රීඩා කළ ටෙස්ට් තරග සංඛ්‍යාව 17කි.

ඉන් තරග 7ක් ජයපරාජයෙන් තොරව නිමා කරගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වූවත් ඉතිරි තරග 10ම පරාජයට පත්විය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now