SKIP TO MAIN CONTENT

රංගන හේරත් තවත් ලෝක වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාව ලකුණු 259 කින් බංග්ලාදේශය පරදයි.

Sri Lanka won by 259 in their 1st Test
Source: espncricinfo

2 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති ප්‍රථම ටෙස්ට් තරගයෙන් ලකුණු 259 ක විශිෂ්ඨ ජයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 494 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 312 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 194 ක් රැස් කළ අතර අසේල ගුණරත්න ලකුණු 85 ක්ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 75 ක් ද දිල්රුවන් පෙරේරා ලකුණු 51 ද ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම කඩුලු 6 කට ලකුණු 274 ක් ලබා සිටියදී අත් හිටුවා බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් උපුල් තරංග ලකුණු 115 ක් ලබා ගත් අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 50 ක් ලබා ගත්තේය.

ඒඅනුව තරගය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 456 ක් ලබා ගැනීමට අවශ්‍යව තිබුණි.

නමුත් ඊයේ (11/03) දිනයේදී ඔවුන් සියලු දෙනා ලකුණු 197 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක රංගන හේරත් ප්‍රථම ඉනිමේදී කඩුලු 3ක්ද දෙවැනි ඉනිමේ කඩුලු 6ක්ද ලබා ගැනීමට සමත් විය.

මෙම දස්කමත් සමග රංගන හේරත් තවත් ලෝක වාර්තාවක් පිහිටුවන්නට සමත් විය. එනම් ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා ලෙස අංක එකට පත් වෙමිනි.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ නවසීලන්ත කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නා වන ඩැනියෙල් විටෝරි ය. ඔහු ටෙස්ට් කඩුලු 362ක් ලබා තිබුණි.

නමුත් රංගන හේරත් ටෙස්ට් කඩුලු 365 ක් ලබා එම ලැයිස්තුවේ ප්‍රථම තැනට අද පත් විය.

තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් හට හිමි විය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන මාර්තු 15 වන දින කොළඹ පී. සරා ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now