SKIP TO MAIN CONTENT

තීරණාත්මක එක් දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 70 ක ජයක්.

Sri Lanka won the critical match by 70 runs.
Source: espncricinfo

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (01/04) පැවති තෙවන හෙවත් අවසාන තීරණාත්මක එක් දින තරගයෙන් ලකුණු 70 ක විශිෂ්ඨ ජයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව දෙරට අතර පැවති එක් දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයනේ නිමාවට පත් විය.

කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9 කට ලකුණු 280 ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 54 ක්ද තිසර පෙරේරා වේගවත් ලකුණු 52 ක්ද  නායක උපුල් තරංග ලකුණු 35 ක්ද ධනුෂ්ක ගුණතිලක සහ අසේල ගුණරත්න ලකුණු 35 බැගින්ද ලබා ගත්තේය.

ජයග්‍රාහී ලකුණු 291 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩාමට පන්දුවාර 44 යි පන්දු 3 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 210 ක් පමණි.

තරගයේ වීරයා සම්මානය තිසර පෙරේරා හටද තරගාවලියේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් හටද හිමි විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now