SKIP TO MAIN CONTENT

2017 මුල් මාස තුනේ ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ කාල සටහන වෙනස් වෙයි. (SBS සිංහල/වාර්තා)

මේ වන විට ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ඇති ගුවන් මගීන්ට ඉහත සඳහන් ගුවන් ගමන් වාර සම්බන්ධයෙන් විකල්ප මාර්ග සැකසුම් සහ විස්තර මෙන්ම සංශෝධිත වේලාවන් ළඟම සිටින සංචාරක නියෝජිතගෙන් හෝ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රවේශ පත්‍ර විකුණුම් කාර්යාලයෙන් ලබාගත හැකි බවද ගුවන් සමාගම නිවේදනය කරයි.

Sri Lankan Airlines’ flight schedule changes due to BIA runway work
Source: Flickr

3 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මාස තුනක කාලයක් පුරා සිදුකෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු වල සහ ගුවන් ගමන් කාලසටහන වෙනස් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. ඒ අනුව 2017 ජනවාරි මස 6 වෙනි දා සිට අප්‍රේල් මස 6 වෙනිදා දක්වා දිනපතා උදෑසන 0830 සිට සවස 0430 දක්වා නඩත්තු කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරයි. ඒ අනුව සිය මගීන්ගේ පහසුව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම නව කාලසටහන ඉදිරිපත් කර තිබේ.

අවලංගු කර තිබෙන ගුවන් ගමන්

ශ්‍රී ලංකන් ගුවන් සේවය ක්‍රියාත්මක කරන පහත සඳහන් ගුවන් ගමන් අවලංගු කර තිබෙන බව එම ගුවන් සමාගම වාර්තා කරයි. කෙසේ වෙතත් අදාල ගමනාන්ත වෙත එම දිනයන්හීදීම වෙනත් කාලසටහනක් යටතේ නොනවත්වා ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙහෙයුම් සිදුකරනු ඇත.

  • UL 308 කොළඹ- සිංගප්පූරුව සහ UL 309 සිංගප්පූරුව – කොළඹ
  • UL 127 කොළඹ- චෙන්නායි සහ UL 122 චෙන්නායි – කොළඹ
  • UL 133 කොළඹ- ට්‍රිචි සහ UL 132 ට්‍රිචි – කොළඹ
  • UL 115 කොළඹ- මාලේ සහ UL 102 මාලේ – කොළඹ
  • UL 167 කොළඹ- කොචින් සහ UL 166 කොචින් – කොළඹ
  • UL 173 කොළඹ- බැංගලෝර් හා UL 174 බැංගලෝර් – කොළඹ

විකල්ප කාල සටහන් ඉදිරිපත් කර ඇති ගුවන් ගමන්

  • UL 868 කොළඹ- බීජිං
  • UL 866 කොළඹ- ෂැංහයි .
  • UL 402 කොළඹ- බැංකොක් සහ UL 403 බැංකොක් – කොළඹ
  • UL 318 කොළඹ- ක්වාලාලම්පූර් හා UL 319 ක්වාලාලම්පූර් – කොළඹ
  • UL 306 කොළඹ- සිංගප්පූරුව සහ UL 307 සිංගප්පූරුව – කොළඹ
  • UL 161 කොළඹ- ට්‍රිවෙන්ඩ්‍රම් හා UL 162 ට්‍රිවෙන්ඩ්‍රම් – කොළඹ
  • UL 195 කොළඹ- නව දිල්ලිය හා UL 196 නව දිල්ලිය – කොළඹ
  • UL 183 කොළඹ- කරච්චි හා UL 184 කරච්චි – කොළඹ
  • UL 503 කොළඹ- ලන්ඩන් සහ UL 504 ලන්ඩන් – කොළඹ (ජනවාරි මස 05 වෙනිදා සිට UL 504 සිට ලන්ඩන් – මාලේ – කොළඹ ලෙස ක්‍රියාත්මක වනු ඇත )
  • UL 281 කොළඹ- ජෙඩා හා UL 282 ජෙඩා -කොළඹ

මේ වන විට ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ඇති ගුවන් මගීන්ට ඉහත සඳහන් ගුවන් ගමන් වාර සම්බන්ධයෙන් විකල්ප මාර්ග සැකසුම් සහ විස්තර මෙන්ම සංශෝධිත වේලාවන් ළඟම සිටින සංචාරක නියෝජිතගෙන් හෝ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රවේශ පත්‍ර විකුණුම් කාර්යාලයෙන් ලබාගත හැකි බවද ගුවන් සමාගම නිවේදනය කරයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිදුවන නඩත්තු කටයුතු හේතුවෙන් තම ගුවන් මගීන්ට සිදුවන මෙම අපහසුතාව පිළිබඳ ශ්‍රී ලංකන් ගුවන් සමාගම කණගාටුව ප්‍රකාශ කර සිටියි. මෙම කාලය තුළ දී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලු ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු සඳහා මෙම නඩත්තු කටයුතු හේතුවෙන් සිදුවන අපහසුතාවය බලපානු ඇත. ගුවන් තොටුපළ මෙහෙයුම් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතු නොකරන හෙයින් ගුවන් තොටුපළේ සිදුවන නඩත්තු කටයුතු සම්බන්ධයෙන් ගුවන් සමාගම වෙත කිසිදු වගකීමක් නොමැති බව ද මෙහිදී සමාගම දන්වා සිටී.

ගුවන් ගමන් වෙනස්වීම් පිළිබඳ වැඩිදුර තොරතුරු www.srilankan.com යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now