ශ්‍රී ලාංකිකයින් විසින් නොවැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාවේ සිට යොමුකළ සියලුම සරණාගත අයදුම්පත් ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකුගේ සරණාගත භාවය පිණිස ඔස්ට්‍රේලියාවේ සිට අයදුම් කළ Onshore Protection වීසා හෙවත් 866 වීසා අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

Sri Lankan asylum applications processed by Australia in November with a zero-approval rate

Source: Getty / Getty Images

සරණාගත භාවය පිණිස ඔස්ට්‍රේලියාවේ සිට අයදුම් කරන Onshore Protection වීසා හෙවත් 866 වීසා සඳහා ශ්‍රී ලාංකිකයින් විසින් යොමු කරන ලද අයදුම්පත් සියල්ලම ප්‍රතික්ෂේප වී තිබේ.

2022 නොවැම්බර් මාසයේදී Onshore Protection වීසා පිළිබඳ වාර්තාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මේ බව දන්වා සිටියේය.

ශ්‍රී ලාංකිකයින් විසින් ඔස්ට්‍රේලියාවේ සිට යොමු කළ සරණාගත අයදුම්පත් ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකුගේ සරණාගත භාවය පිණිස ඔස්ට්‍රේලියාවේ සිට අයදුම් කළ Onshore Protection වීසා හෙවත් 866 වීසා අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය නොවැම්බර් මාසයේදී පමණක් ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු ඔස්ට්‍රේලියාවේ සිට ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය පිණිස 866 වීසා සඳහා අයදුම් කර ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

නොවැම්බර් මාසයේදී මෙම වීසා සඳහා යොමු කළ මුළු අයදුම්පත් සංඛ්‍යාව 1,643 ක් ලෙස වාර්තා විය.

මැලේසියානු ජාතිකයින් විසින් යොමු කරන ලද Onshore Protection වීසා අයදුම්පත් 333 ක් ප්‍රතික්ෂේප වීම නොවැම්බර් මාසයේදී ප්‍රතික්ෂේප වී වැඩිම Onshore Protection වීසා අයදුම්පත් සංඛ්‍යාව ලෙස වාර්තා වේ.

චීන ජාතිකයින් විසින් ඉදිරිපත් කළ අයදුම්පත් 223 ක්ද ඉන්දුනීසියානු ජාතිකයින් විසින් ඉදිරිපත් කළ අයදුම්පත් 155 ක්ද ප්‍රතික්ෂේප වී තිබේ.

ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ 6 වන ස්ථානයේ පසුවෙයි.

Protection හෙවත් 866 වීසා

මෙය වලංගු වීසා බලපත්‍රයක් මත ඔස්ට්‍රේලියාවට පැමිණි ඔස්ට්‍රේලියාවේ රැකවරණය ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයින් සඳහා ලබාදෙන වීසා බලපත්‍රයකි.

ඔබ ඔස්ට්‍රේලියාවේ ආරක්‍ෂක වගකීම්වලට අනුකූල වන්නේ නම් සහ මෙම වීසා ප්‍රදානය සඳහා අවශ්‍ය අනෙකුත් සියලුම අවශ්‍යතා සපුරාලන්නේ නම් මෙය පිරිනැමේ.

මෙම වීසා බලපත්‍රය මත ඔබට ස්ථිරවම ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට, රැකියා කිරීමට සහ අධ්‍යාපනය ලැබීමට ඉඩ සලසයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ offshore Humanitarian වැඩසටහන හරහා මෙම වීසා ලාභීන්ට තම පවුලේ උදවියට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අනුග්‍රහය දැක්වීමට ද අවස්ථාව ලබාදේ.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලිඛිත අවසරයකින් තොරව ඔබට ඔබ සිටි රටට ආපසු ඇතුළුවීමට අවසර නැත.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලිඛිත අනුමැතියකින් තොරව ඔබ එම රටට ගියහොත් ඔබගේ වීසා බලපත්‍රය අවලංගු කළ හැකිය.

දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ඔබට වෙනත් ඕනෑම රටකට ගමන් කළ හැකිය.


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now