SKIP TO MAIN CONTENT

බෝට්ටු වලින් ඔස්ට්‍රේලියාවට පැමිණි ලංකාවේ පිරිසක් නැවත ලංකාවට.

Sri Lankan boatpeople sent home
Source: The Australian

1 min read

Published

By Madhura Seneviratne

Source: The Australian



Skip to article content

නීතිවිරෝධී ලෙස යාත්‍රා මගින් ඔස්ටේ‍්‍රලියාවට ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊයේ (26/06) යළි ශ්‍රී ලංකාව බලා පිටත් කර යැවීමට ඔස්ට්‍රේලියානු  ආගමන විගමන බලධාරීන් පියවර ගෙන ඇතැයි “The Australian” පුවත්පත වාර්තා කළේය.

ඔස්ටේ‍්‍රයාවේ ක‍්‍රිස්මස් දූපතේ රඳවා සිටි ලාංකිකයින් පිරිසක් මෙලෙස පිටුවහල් කළ බව එහි වැඩි දුරටත් සඳහන්.

ඔස්ට්‍රේලියානු  ආගමන විගමන දොපාර්තමේන්තුව විසින් විශේෂයෙන්ම වෙන් කරවා ගත් ගුවන් යානයකින් මෙම පිරිස ආරක්ෂක රැකවල් මධ්‍යයේ ශ්‍රී ලංකාවට එවා ඇතැයි  ද වාර්තා වේ.

මෙම ලාංකික සරණාගතයින් මීට මාසයකට පෙර බෝට්ටු මඟින් නීතිවිරෝධී ආකාරයෙන්  ඔස්ටේ‍්‍රලියාව වෙත පැමිණි පිරිසකි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now